සෙල්ලිපිය #435
ප්රමුඛ අග්ගිගේ පුත් වන ප්රමුඛ තෙජගේ ලෙණ.
ප්රමුඛ අග්ගිගේ පුත් වන ප්රමුඛ තෙජගේ ලෙණ.
අයුෂ්මන්ත ඵුස්සදේව ලෙණ.
අයුෂ්මන්ත ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක දත්තගේ ලෙණ.
සිව තෙරුණ්ගේ ලෙණ.
ප්රධානි තිස්සගුත්තගේ ශිහමුඛ (සිංහයාගේ මුඛය) [නම්] ලෙණ.
අභය මහරජුගේ ආදායම් පාලක ගම් ප්රධානි අභයගේ පුත් වන ගම් ප්රධානි චෙමගේ ලෙණ - සමන්තභද්ර නම් ලෙණ සංඝයාට දෙන ලදී.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන ලංජක රජු විසින් සිසිල් ලෙණ් විසි පහක් පිහිටුවන ලදී.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන අභිජාතාගේ ලෙණ.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාව වන උපාසිකා සාමිකාගේ ලෙණ.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහයගේ භාර්යාව වන බුද්ධදත්තාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
මහරජ වූ දෙවියන්ට ප්රිය වූ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ මහ ලෙණ.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ මහ ලෙණ.
දෙවියන්ට ප්රිය වූ මහරජ ගාමණී තිස්සගේ පුත් වන මහ-අයගේ භාර්යාව වන උපාසිකා යසස්සිනීගේ ලෙණෙ.
ගෘහපති නගුලිගේ ලෙණ.
උපාසිකා කණ්හදාසිකාගේ ලෙණ සංඝයාට[දෙන ලදී].
සංඝයාට ප්රධානය කරන ලද ලෙණ අයුෂ්මන්ත ජිතගේ සහ ප්රධාන ගණකාධිකාරී වහලිගේ වෙයි.
අයුෂ්මන්ත චිත්තගුත්තගේ [සහ] අයුෂ්මන්ත උපතිස්සගේ ලෙණ.
උපාසිකා සාමිදත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
තිස්සරක්ඛිත පුතණුවන්ගේ සහ පියාණන්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.