සෙල්ලිපිය #1155
උපාසක වසගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
උපාසක වසගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ගජදබුතක වැව හිමි ප්‍රමුඛ දස්සකගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ. පඩගම හි දත්ත අදායමෙන් කොටස් තුනක් ඵුස්ස සභාපතිව සිටිය දී (ලෙන වෙත) ලබා දෙන ලදී.
කඩපි වැව හිමි ප්‍රමුඛ උවහජනකගේ ලෙණ.
යහපතක් වේවා ! දිනන වැවෙහි තෘණභූමියෙහි භෝජකයාගේ කොටස මෙම ලෙණට පවරා දෙන ලදී.
තෘණ බිම් හිමිකරු මහාසිවගේ පුත් වන සිවගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ප්‍රමුඛ පාලගේ පුත් වන ප්‍රමුඛ මාල්‍යගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි දත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [පිරිනමන ලදී].
................. තිස්ස තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා ගුත්තාගේ ලෙණ.
යහපතක් වේවා ! පෙහෙකාරගමක හි සුම්මගේ ලෙණ [සහ] [ඔහුගේ] මයිළන්නුවන්ගේ වන තිස්සගේ ලෙණ සතරදෙස භික්ෂුසංඝයාගේ පහසුව සඳහා පවරා දෙන ලදී.
උපාසිකා මකිගේ ද්වාරය.
උපාසක පාලගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
තිස්ස තෙරුණ්ගේ මව්පියන් සඳහා දෙන ලද අයද-අභයගේ මුණුබුරා වන ගම් ප්‍රධානි සුම්මගේ ලෙණ.
...............ගේ පුත් වන ලේඛක තිස්සගේ පුත් වූ කාව්‍යකරු හඣය (සංජය) පුත් වන තිස්සගේ ලෙණ (සංඝයාට) දෙන ලදී.
ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ ගුඩගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
උපාසක අභයගේ බාල සහෝදරයා වන උපාසක සංඝ විසින් සංඝයා වෙත පවරන ලද දාස පිරිකර තැන්පත් කරන ලදී.
ප්‍රමුඛ ගුඩගේ භාර්යාව වන උපාසිකා සුජාතාගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.
උපාසිකා රුගගේ ලෙණ, උපාසිකා තිස්සාගේ ලෙණ, උපාසිකා සිවාගේ සයනය තැබූ ස්ථානය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්‍රමුඛ බ්‍රාහ්මණගේ (නම්) පුත් වන ගුත්ත දුනුවායාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].