සෙල්ලිපිය #554
ඵුස්ස ශිෂ්‍යයාගේ මනාපදස්සන නම් ලෙණ.
ඵුස්ස ශිෂ්‍යයාගේ මනාපදස්සන නම් ලෙණ.
කම්බොජියස මහා ශ්‍රේණියේ සාමාජිකයින් විසින් මනාපදස්සන [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී. සමන්තපාසාදික නම් (ලෙන).
ධම්මරාජගේ පුත් වන මහාතිස්ස කුමරු විසින් ඉදිකරවන ලදී. [ලෙන].
ගාමණීගේ පුත් උත්තිය රජු වෙයි. උත්තිය රජුගේ පුත් වන අභය කුමරුගේ දියණිය වන අනුරාධි කුමරියගේ [ලෙන].
ගාමණීගේ පුත් දසබෑයන්ගේ වැඩිමලා වෙයි. සියල්ලන්ගේ [සහෝදරයින්ගේ] වැඩිමලාගේ පුත් ධම්මරාජ වෙයි. මහාසුදස්සන නම් මෙම ලෙණ ධම්මරාජගේ පුත් වන මහාතිස්ස විසින් ඉදිකරවා සංඝ…
පිට සීමාව
ප්රමුඛ අදකචහි තිස්සගේ පුත් වන ප්රමුඛ වෙස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ගෘහපති,මැණික්කරු තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
බ්‍රාහ්මණ අතිමතකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ප්‍රධානි තිස්සමිත්තගේ ලෙණ.
ප්‍රධානි සුමනදත්තගේ ලෙණ සංඝයාට දෙන ලදී.
උපාසක ඉන්දගුත්තගේ සහ උපාසිකා දත්තාගේ ලෙණ සංඝයාට පරිත්‍යාග කරන ලදී.
ගෘහපති පුසලිගේ පුතුන් වන මිත්තසේනගේ, ඵුස්සගේ, තිස්සගේ.
ගෘහපති සාතක තිස්සගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ ලෙණ-උපාසක .........
මානගේ ලෙණ සංඝයාට දෙන ලදී.
උති නගරයෙහි අට කුලයක මිනිසුන්ගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. චුලගේ.
ප්‍රධානි සිවරක්ඛිතගේ ලෙණ.
ගෘහපති චුලගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්‍රධානි වම්සගේ පුතුන් වන [නම් වශයෙන්], ගම් ප්‍රධානි තිස්ස, ඵුස්ස සහ ගම් ප්‍රධානි අභය සහ සිරිගුත්ත තේරුණ්ගේ [ලෙණ].