සෙල්ලිපිය #1014
ප්රධානි තිස්සභූතිගේ ලෙණ.
ප්රධානි තිස්සභූතිගේ ලෙණ.
චන්දක නම් ලෙණ සහ චන්දක නම් ස්තූපය, ප්රධානි තිස්සභූති ගේ ............. පරචවගම හි ............ මජ්ඣිමගේ සහ සේනාපතිගේ පුත් වන පදුමගේ.
ප්රධානි තිස්සභූතිගේ ලෙණ - මහලෙණ, අනොතත්ත නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රධානි තිස්සගේ ලෙණ, නෑදෑයන් සමඟ සම දීමනාව.
නගර ශෝබිනිය කමිනාගේ මුණුපුරු චූල නම් නළුවාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතර්දෙස සංඝයාට [දෙන ලදී]. නළු චූලගේ දියණිය වන නළු ධම්මගේ භාර්යාව වන සමුද්දාගේ.
ප්රමුඛ දාරක තිස්සගේ භාර්යාව වන ප්රමුඛ සාලගේ දියණිය වූ උපාසිකා ගුත්තාගේ ලෙණ සතරදිග සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ තිස්සගේ පුත් වන ප්රමුඛ නාගගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ නාගගේ දියණිය වන උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපාසක සාතගේ ලෙණ සංඝයාට අයත් වෙයි.
ගෘහපති නළු, චූඩගේ ගෘහපතිනි සමුද්දාගේ [ලෙන], නළු චලුගේ දියණිය.
ප්රමුඛ පණ්ඩිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
බ්රාහ්මණ වසකණිගේ පුත් වන සොමදෙවගේ සහ ............... [ලෙන].
නගර කාර්මික මටකවිලිපි හි සුමනගේ පුත් වන ප්රමුඛ පුණ්ඩගේ [ලෙන].
ප්රධානි සිවගුත්තගේ, ගම් ප්රධානි වෙපුලිගේ දියණිය ............
ප්රමුඛ ............... පුත් වන ප්රමුඛ රකිගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
ප්රධානි තිස්සගේ, සාතගේ .............
ප්රමුඛ මහාසුමනගේ ලෙණ ; ප්රධානි චූළ තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
මීන ඇමතිගේ ලෙණ.
ධම්මරුචි තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.
ප්රධානි කස්සපගේ ලෙණ් ද්විත්වය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].