සෙල්ලිපිය #849

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

849 [15] (සංකේත අංක 33 සහ 34) දමරකිත-තෙරහ පුතහ ලෙණෙ තිශ-තෙරහ ලෙණෙ ශගශ දිනෙ 

ධම්මරක්ඛිත තෙරුණ්ගේ පුතුගේ ලෙණ, තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී. 

1.

ඇතැම්විට පුතහ යන්නට පසුව යෙදී ඇති ලෙණෙ යනු අතිරික්ත පදයකි. පාඨය දක්වා ඇති ආකාරයට තිස්ස-තෙර සහ ධම්මරක්ඛිත තෙරුන්ගේ පුත්‍රයා යනු පුද්ගලයින් දෙදෙනෙකු ලෙස ගත යුතු වෙයි. ලෙණෙ යන පදය ඒකවචනයෙන් පැවතීම හේතුවෙන් බොහෝදුරට එක දායකයෙකු පමණක් සිට ඇත. දෙදෙනෙකු නොවෙයි.