සෙල්ලිපිය #849
849 [15] (සංකේත අංක 33 සහ 34) දමරකිත-තෙරහ පුතහ ලෙණෙ තිශ-තෙරහ ලෙණෙ ශගශ දිනෙ
ධම්මරක්ඛිත තෙරුණ්ගේ පුතුගේ ලෙණ, තිස්ස තෙරුණ්ගේ ලෙණ සංඝයාට දෙන ලදී.
1.
ඇතැම්විට පුතහ යන්නට පසුව යෙදී ඇති ලෙණෙ යනු අතිරික්ත පදයකි. පාඨය දක්වා ඇති ආකාරයට තිස්ස-තෙර සහ ධම්මරක්ඛිත තෙරුන්ගේ පුත්රයා යනු පුද්ගලයින් දෙදෙනෙකු ලෙස ගත යුතු වෙයි. ලෙණෙ යන පදය ඒකවචනයෙන් පැවතීම හේතුවෙන් බොහෝදුරට එක දායකයෙකු පමණක් සිට ඇත. දෙදෙනෙකු නොවෙයි.