සෙල්ලිපිය #554

බෝවත්තේගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

554 [6] පුශ-[ශු]රිශ ලෙණෙ මනාපදශනෙ 

ඵුස්ස ශිෂ්‍යයාගේ මනාපදස්සන නම් ලෙණ. 

1.

ශුරි, සංස්කෘත ශුරී  යන්නට සමාන වන මෙම පදය ඉන්දියාවේ හෝ ලංකාවේ මෙම කාලය තුළ දී ගෞරව නාමයක් වශයෙන් භාවිත කළේ ද යන වග ප්‍රශ්න කළ හැක. පුශ-සිරිස යන්න ද පිළිගත හැකි කියවීමකි. පුශ-සිරි = සංස්කෘත. පුශ්‍ය-සිරි. ත සඳහා වූ වැරදීමක් වශයෙන් ශ ලියා ඇති අතර පුශ-තෙරශ 'ඵුස්ස තෙරුණ්ගේ' ලෙස මෙම කියවීම තුළින් අදහස් කර ඇත.