සෙල්ලිපිය #487

මොට්ටයාකල්ලු ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) දස-භතික-රන [ඣ]වක-නය උපරඣ-නග උපරඣ-නගහ මරුමකනකෙ මහ-[ප]සඪිකෙ-අභය රඣහ පුතෙ    

(2) ගමණි-[ති]සහ විහරෙ 

(3) අගත-අනගත-භිකු-සගස නියතෙ 

දසබෑරජුන්ගේ ජාවක නායකයා වූ උපරාජ නාගගේ මුණුපුරු, මහා[ප]සඪික අභය රජුගේ පුත් වන ගාමණී තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට පවරා දෙන ලදී.   

5.

මෙම ශිලා ලේඛනයෙහි මැදින් ඇති පේළිය එහි පළමු පෙළ වේ; දෙවන පෙළ ඊට ඉහළින් හා තෙවන පෙළ ඊට පහළින් දක්වා ඇත.   

6.

ඣ අක්ෂරයෙහි පහළ කොටස මැකී ගොස් ඇත, නමුත් දකුණු පස පාදය සහිත ඉහළ කොටස දැකගත හැක. මෙම අක්ෂරයෙන් ඉතුරු වී ඇති කොටස ඣ හැර වෙනත් අක්ෂරයක් ලෙස සැලකීමට අසීරුය.  

7.

මෙතැන් සිට, පේළිය මදක් පහළ මට්ටමකින් සටහන් කරගෙන ගොස් ඇත. ලේඛනයෙහි දස සිට නය දක්වා ඇති කොටස පසුව එකතු කළ ලද්දක් විය හැක.

8.

ප අක්ෂරය සුළු වශයෙන් සලකුණු ඉතිරි කොට මැකී ගොස් ඇත, නමුත් ස යන්නෙහි ඉතුරු වී ඇති කොටස එහි අනන්‍යතාවය දැක්වීමට ප්‍රමාණවත් වේ.  

9.

ති ලෙස කියවන ලද අක්ෂරය පසු කාලයකට අයත් ස යන අක්ෂරයේ ස්වරූපය ගනී. මෙම අක්ෂරයෙහි මැද ඉහළ කොටස  හා එයට සම්බන්ද වි ඇති ස්වර සලකුණ මැකී ගොස් ඇතැයි සලකා, නාමය සිසහ යනුවෙන් කියවිය හැක.තිස යන නාමය සිස ලෙස උච්චාරණය වී ඇති බවත්, ශිලා ලේඛනයෙහි එලෙස නම සටහන් කර ඇති බවත් සිතීම අපහසු නොවේ.   

10.

නය යන්න වේද ග්‍රන්ථයන් තුළ සඳහන් මග පෙන්වන්නා, නායකයා යන අර්ථය සහිත නාය යන වචනය හා සමාන වේ.හැඳින්වීම බලන්න, පිටු. lviii 

11.

රන යන්න සංස්කෘත භාෂාවේ සදහන් රාඤාම් යන වචනය හා සමාන වේ. ඒ අනුව ඤ යන්න න අක්ෂරයට වෙනස් වීමේ, දීර්ඝ ස්වර කෙටි වීමේ, ම් යන්න අනුස්වාරයට වෙනස් වීමේ හා එහි අවසානය ලොප් වීමේ ප්‍රතිඵලයක් ලෙස ලේඛනයෙහි සදහන් වන අකාරය දක්වා ඇත.   

12.

මෙම නාමයේ හෙ යන්නට පසුව ඇති අක්ෂරය සම්පූර්ණයෙන් මැකී ගොස් ඇත; නමුත් ප යන අක්ෂරය පිළිගත හැකි කියවීමක් ලබා දේ.