සෙල්ලිපිය #41

ඉපුල් වෙහෙර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිද්ධම් | මහනක-රජහ පුත තිස
  2. මරජ පිට-රජහ කරිත (මුල)-වසිය-
  3. රජ-මහ-විහරට කඩරජිය වඩ-
  4. (පිටනි)-වවිය ලබ සකල (ස)රිහි
  5. කරිහි
  6. .............දකපති කර කඩය බොජිය-පති
  7. මතර-මජිබක පති දිනි 1 කබරබ
  8. වයහ චතර මහපතියහ
  9. ...............විහරහි බිකුසගහටය දිනි [|*]
  10. කුබරගොඩ-වවිය
  11. ......................බතිය නක මහපති
  12. වතකහි සයස එක-මහපති
  13. ...............බය අටි කොටසහි එක
  14. කොටසක මහපති

යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත් තිස්ස රජතුමා විසින් රැස් කරන ලද (හෝ පිටිරාජ විසින්) ජලයෙන් ලැබෙන ආදායමෙන් පිහිටුවන ලද මුල-වසිය නම් මහා ආරාමයට බදු ගෙවීමෙන් පසු සමස්ථ තක්සේරුවට අනුකූලව අධිපතියාගේ කොටසෙන් සහ ඇළවල මාළු කොටසෙන් ලැබෙන ආදායම …………………. කඩරජි දිස්ත්‍රික්කයේ වඩමනක වැවෙන් …………… මහා රාජකීය ආරාමයේ භික්ෂූන් වහන්සේලාට ලබා දෙන ලදි ………… කබරබ වැව ………………. කබරගොඩ වැව …………… .. ප්‍රධාන කොටස්… ......... එක් ප්‍රධාන කොටසක් ………. කොටස් අටෙන් එක් කොටසක ප්‍රධාන කොටස ………………