සෙල්ලිපිය #11

තුඹුල්ලේගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිද්ධම් | කළදගවිය4- කර්[ඉය ව]ස්[ඉ] [අම]ති
  2. අහලයහ නවක නිවතික5 පඩි-කර
  3. අහලවිය බොජික--[පති ති]ස-මහර-
  4. ජහ මළ උවරජ ම[හමකහ]ච තුමහ
  5. [ච කරපිට]ක මහනක-අ[හලි-ප]වට-හ (චෙතිය)
  6. (හටය) දි(නෙ)

යහපතක් වේවා ! කාළදගවිය3 පදිංචි අහලවිය2 ඇමතිවරයාගේ නාවිකයා1 වන නිවතික, බටහිර වෙරළ තීරයේ අහලවිය5 වැවේ හිමිකරුගේ කොටස4 මහා තිස්ස රජුගේ බාල සොහොයුරා වන උපරාජ මහානාග සහ ඔහු විසින්ම ඉදිකරන ලද මහනක අහලි නම් පර්වත7 ආරාමයේ චෛත්‍යෙයට දුනි. 

4.

පාලි දිඝවාපිය යන්නෙහි ඇති ප්‍රතිසමයට අනුව තුන්වන මාත්‍රාවේ ඇති ඊ උපකල්පනය කිරීම අවශ්‍ය යැයි නොසැලකේ.මෙහි ඊ යන්න පෙර අක්ෂර දෙකෙහි ඇති අ යන්නෙන් උකහා ගත හැකිය.

5.

සංස්. නිවාට, ‘ආරක්ෂිත’ යන්න සමග සම්බන්ධ විය හැක.

6.

නවක, ඉහත පි. 66 බලන්න

7.

සංස්. අශ්ලෙස

8.

ඇමතිවරයා බොහෝ විට ප්‍රදේශය භාරව සිටි නිලධාරියා විය හැකිය.

9.

බොජික-පති :- ඉහත පි. 13 බලන්න

10.

අහල ඇමතිවරයාගේ නමින්

11.

පඩි-කර: - පඩි බොහෝ විට සංස්.ප්‍රත්යනෙ හා සමාන කළ හැකි ය. එය රළු හි පෑළ හි පෙර ස්වරූපයයි. කර සඳහා, පද මාලාව බලන්න. මෙම වචනය පහත අංක 105 හි ද දක්නට ලැබේ.

12.

සංස්කෘතයෙන් මහානාග ආශ්ලෙස- පර්වත

13.

මල :- නූතන සිංහල එළු මළු, පද මාලාව බලන්න