No.77

ගණේකන්දෙ-විහාර අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිද්ධ [|] බත්[ඉ] ක​-රජහ දිනක තුලතර​-තිස​-කෙතහි මහල​-රජක කරිහි [|] පුන තනගමහ කෙහකෙතහි..දිනෙ
  2. පුන කබුබ​-කදරක​-කෙත පුන හෙකෙතහි KA [|*] පුන ගතහනහි KA 1/2 අතළ​-සතෙහෙ දනි පුන කනවක​-කෙතහි දනෙ චුළදක KA 1/2
  3. පුන දින සුදම​-චෙතෙ සුදම ද(ඔ)-සත​-මසක පුන කතරි-වසන කජිරි නක මෙ …………....

 

පරිවර්තනය1

යහපතක් වේවා ! භාතික රජතුමා මහල-රාජක-කරිහි තුලකෙත2 නම් වූ කුඹුරු යාය ලබා දුන්නේ ය. නැවතත්, (ඔහු ලබා දුන්නේය.) තනගමෙහි කෙහකෙත නම් කුඹුරු යාය, ………………… .. නැවතත්, කබුබාකදරක නම් කුඹුරු යාය. නැවතත්, (ඔහු ලබා දුන්නේය), හකෙත හි කරිසයක්3; නැවතත් (ඔහු ලබා දුන්නේය) ගතහනහි. ඔහු නැවතත් අටළසතහි කනවකකෙත නම් කුඹුරු යාය ලබා දුන්නේය. නැවතත් ඔහු චූලකඩින් කරිසයක්3 ලබා දුන්නේය. නැවතත් සුදම,4 සුදම -චෛත්‍යයට5 මසු දෙසියයක් ලබා දුන්නේය. නැවතත්, කටරි හි පදිංචි කජන් නක ……….

1.

පරිවර්තනය තාවකාලිකය.

 

2.

තුලාදර-තිස්න-ඛෙත.

 

3.

සංකේත වලින් දක්වා ඇත.

 

4.

සුදම්ම.

 

5.

සුදම්ම- චේතිය.