No.137

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1. සි1 පුහොතවතහි කෙත කෙඩිදොරහි

2. (කෙත​) තිස​-අවික​-වවි සෙනවිත මග​-

3. හ​……….. අජුනබි (න)ග​-

4. අජුන​-පවත​-විහරහි පොහොතක​-

5.රහි දින

යහපතක් වේවා! සෙන්පති මාඝගේ බිසෝ වන අජ්ජුන විසින්..............2 නාග- අජ්ජුන පබ්බත ආරාමයේ ඇති උපෝසථාගාරය සඳහා හොටවත විහාරයේ ඇති වෙල්යාය3, කදි දොරෙ හි ඇති වෙල්යාය සහ තිසාවිකහි4 ඇති වැව ලබා දෙන ලදී.

1.

 සි ට පසුව යෙදෙන සංකේතය විරාම ලකුණක් ලෙස සලකා ඇත.

 

2.

අජුනබි = අජුන + අබි.

 

3.

කෙත.

 

4.

 මෙම නම පාලියෙන් තිස්සවපික සමඟ සමාන කළ හැකිය; එම නිසා එය අනුරාධපුරයේ තිස්සාවපිය ලෙස වරදවා වටහා නොගත යුතුය.