160(A)

නීලපනික්කන්මලයි ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිදම් [1*] හයගරය වවිය දස4 කොට-
  2. සහි එක-කොටසක කලක-වහ-
  3. නක-වහරහි බිකුසගහට දිනි[1*]

යහපතක් වේවා ! හයගරය වැවේ කොටස් දහයෙන් එක් කොටසක් කලක-වහනක6 ආරාමයේ භික්ෂූන් වහන්සේලා වෙත පුදන5 ලදී.

4.

ක අක්ෂරයෙන් පසු ද අක්ෂරය නොසලකා හැර ඇත.

5.

පරිත්‍යාග කළ පුද්ගලයාගේ නම සක්නට නොලැබේ. සමහර විට එය ඉහළින් 1 පේළියක තිබී ඇති අතර, දැන් ඉතිරිව ඇත්තේ අකුරු දෙකක් පමණි.

6.

මෙම නම කාලක-පාසානක විය යුතු ය. (නූතන පාලියෙන් කළුපහණ).