සෙල්ලිපිය #1162

රිටිගල : නාඋල්පොත ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1162 [1] (1) [දර]බතික-තිරහ මත-පිත ය-ලෙණෙ-ජෙටුහ 

             (2) උපාසක-දතහ ලෙණෙ සගය නියතෙ 

[දර]බතික තෙරුණ්ගේ මව්පියන් මෙම ලෙණ සඳහා ප්‍රධාන අනුග්‍රාහකයින් වෙයි. උපාසක දත්තගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී. 

7.

වාක්‍ය තැනීම සදහා, හැදින්වීම බලන්න, පිටු xliv . මතෙ- පිතෙ යන්න ප්‍රථමා විභක්තියේ සම්බන්ධ නිපාතය ලෙසද, යෙ යන්න සර්ව නාමය ලෙසද, අයං යන්න මුල් ස්වරූපය ලෙසද සලකා ඇත. ලෙණ-ජෙටුහ යන්න ප්‍රථමා විභක්තියේ බහු වචනයේ සංයුක්ත නාමයක් ලෙස ගෙන ඇත. 1.2 හි නියතෙ යන්නට පසුව අක්ෂර කිහිපයක් දක්නට ඇතත් ඒවායින් පැහැදිලිව කියවීමට හැකි ඒවා මගින් නිෂ්චිත අර්ථකතනයක් ලබා නොදේ.ලෙණ-ජෙටු යන පදය සදහා ඉහළින් ඇති අංක 1159 ද බලන්න.