සෙල්ලිපිය #1134

හඳගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1134 [10] (1) දත-තෙරහ මතය උපසික-තිසය ලෙණෙ ජෙට-පුත-තිශහ එක මච-තන

                (2) පරුමක-පඩිතහ පුතහ චතු-දිසික ශගශ  

දත්ත තෙරුණ්ගේ මෑණියන් වන උපාසිකා තිස්සාගේ ලෙණ සහ වැඩිමහලු පුත් තිස්සගේ සයනය තිබූ ස්ථානය - ප්‍රමුඛ පණ්ඩිතගේ පුතණුවන්ගේ, - සතරදෙස සංඝයාට දෙන ලදී. 

6.

පරුමක-පඩිතහ පුත යන්න තිසහ සඳහා යෝග්‍ය ලෙස ගෙන ඇත. ථෙර පැහැදිලිව ම තිස්සාගේ වැඩිමහල් පුතු නොවෙයි. ථෙර නම් අය පණ්ඩිත නම් ප්‍රධානියාගේ පුත්‍රයා ද යන්න ද නිශ්චිත නොවෙයි.