සෙල්ලිපිය #1061
1061 [3] (1) .............. බණක යශදෙවහ ලෙණෙ අගත-අනගත චතු-දිශ
(2) ශගශ
................ දේශක යසදෙවගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
6.
මඣිම-බණක යන වර්ගයට අයත් සංකීර්ණයෙහි දෙවන සාමාජිකයා වශයෙන් බණක උපකල්පනය කළ හැක. ශ්රී ලංකාවේ බ්රාහ්මී සෙල්ලිපි තුළ බණක යන වචනයෙහි තනිව යෙදීමක් සඳහා වෙනත් නිදර්ශන නොමැත. ධර්ම ග්රන්ථයන්හි භාණක යනු සෑමවිට ම තෙරුන් වහන්සේලා වෙයි. මේ අවස්ථාවේ දී, යසදෙව තෙර කෙනෙකු වශයෙන් ප්රකාශ කර නැත. සුතත-පාළි-බණක ලෙස විස්තර කරන ලද පුද්ගලයෙකු, භික්ෂුවක් වශයෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා කිසිඳු ගෞරව නාමයකින් නම් කර නොමැති අංක.1202 හා සසඳන්න.