සෙල්ලිපිය #1052
1052 [2] පරුමක-අබය-පුත පරුමක-තිශෙ නියතෙ ඉම වපි අචගිරික-තිශ-පවතහි අගත-අනගත-චතු-දිශ ශගශ [(සංකේත අංක 16c සහ 40) දෙවන]පිය-මහරඣෙ ගමිණි-අබයෙ නියතෙ අච-නගරක ච තවිරිකිය-නගරක ච අචගිරික-තිශ-පවතහි අගත-අනගත චතු-දිශ-ශගශ [|] පරුමක-අබය-පුත පරුමක-තිශහ විශර නියතපිතෙ
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස මෙම වැව අච්චගිරික තිස්ස-පබ්බත විහාරයෙහි පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභය විසින් අච්ච-නගරක සහ තවිරිකිය-නගරක, අච්චගිරික-තිස්ස-පබ්බතහි පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. ප්රමුඛ අභයගේ පුත් වන විසින් වෙහෙර [සංඝයාට] පවරා දෙන ලදී.
5.
පොදු වැඩ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් මනඃකල්පිත නිදාන සෙවීම සඳහා මෙම ගල පිපිරවීමට උත්සහා ගත් 1936 වසර වන තෙක් මෙහි සංකේත ද්විත්වය සහ දෙවන යන අක්ෂර පැහැදිලිව පැවතුණි. මුලර් ගේ දෘශ්‍ය පිටපත් වල මේවා පැහැදිලිව පෙනේ.පාකර්ගේ දෘශ්‍ය පිටපතෙහි ( AC, p.421) සංකේත ද්විත්වයට පසුව පැහැදිලිවම විරාම ලක්ෂණයක් සේ පෙනෙන්නට ඇති තිත් හතරක් එකිනෙකට පසුපස සිරස් ආකාරයට සිටින ලෙස දක්වා ඇත.
6.
කතෘකාරක වාක්‍යයෙහි ආඛ්‍යාතය, අතීත කාලයෙන් යොදා ඇත.
7.
විශර . හැදින්වීම බලන්න, පිටු. xxxi , §31