සෙල්ලිපිය #1051

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1051 [1] පරුමක-අබය-පුත පරුමක-තිශහ වපි අචගිරික-තිශ-පවතහි අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ (සංකේත අංක 16c සහ 40) දෙවනපි-මහරඣ ගමණි-අබයෙ නියතෙ අච-නගරක ච [තවි]රිකිය-නගරක ච [|] පරුමක-අබය-පුත පරුමක-තිශෙ නියතපිතෙ රඣහ අගත-අනගත චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ අබයගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ වැව අච්චගිරික-තිස්ස-පබ්බත විහාරයේ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ තිස්ස [මෙම] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට රජු විසින් පවරා දෙන ලදී.   

3.

අතීතකාල නියතෙ යන පදය මෙහිදී කර්තෘකාරකයක් ලෙස යොදා ඇත.  

4.

නියතපිතෙ, හැඳින්වීම බලන්න, පිටු.xliv, §78