සෙල්ලිපිය #394
චහනිලයහි වාසය කරන අයුෂ්මන්ත තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
චහනිලයහි වාසය කරන අයුෂ්මන්ත තිස්සගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
.............ප්‍රමුඛගේ පුත් වන ............ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි දෙවගුත්තගේ සහෝදරයා වන ගෘහපති සමණගේ ලෙණ.
ප්‍රධානි ගුත්ත විසින් කරවන ලද මනොරම නම් ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි ප්‍රධානි ඵුස්සභූතිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
උපරාජ නාගගේ පුත් අබය රජු [නාමය] වෙයි. ඔහුගේ පුත් ගාමණි තිස්ස නම් වෙයි. ඔහු විසින් කරන ලද ශුදස්සන [නම් ලෙන] සංඝයාට [දෙන ලදී].
ප්‍රධානි තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පරිත්‍යාග කරන ලදී.
ඵුස්සගේ, ප්‍රධානි නාගගේ, මහාචිත්තගේ
උපාසිකා සවිනීගේ, ප්රමුඛ තිස්සගේ භාර්යාව වන දෙවිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. [සහ] තිස්සාගේ.
චොරිකහි මහාතිස්සගේ [සහ] මජ්ඣිමගේ භාර්යාව වන දේවිගේ ලෙණ.
උපාසක අසෝකගේ ලෙණ.
ගපතුල දඩගේ, ඵුස්සගුත්තගේ සහ උපාසක තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
ප්‍රධානි පාලගේ ලෙණ.
උපාසක දෙවගේ ලෙණ.
පෙළ සහ අර්ථය අංක 2 හා සමාන වෙයි.
අම්බගාමහි නචදක ඇළ සංඝයාට[දෙන ලදී].
............ රජුගේ පුත් වන දරක කුමරුගේ පුත් වන උත්තියගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ උත්තියගේ දියණිය වන .............ලිගේ ලෙණ.
චූලකස්සප සාමණේරයන්ගේ, ගෘහපති නඩගේ පුත් වන රොහකගේ, ගෘහපති ඛණ්ඩ තිස්සගේ පුත් වන තිස්සගේ ලෙණ සාමූහික පරිත්‍යාගයකි.
ප්රමුඛ ඵුස්සමිත්තගේ පුත්‍රයාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].