සෙල්ලිපිය #1054
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස, දූත නාවිකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස, දූත නාවිකගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අබයගේ පුත් වන ප්රමුඛ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස මෙම වැව අච්චගිරික තිස්ස-පබ්බත විහාරයෙහි පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී. දෙවියන්ට ප්රිය වූ මහරජ ගාම…
ප්රමුඛ අබයගේ පුත් වන ප්රමුඛ තිස්සගේ වැව අච්චගිරික-තිස්ස-පබ්බත විහාරයේ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ප්රමුඛ අභයගේ පුත් වන ප්රමුඛ තිස්ස …
ප්රමුඛ බ.............. ගේ පුත් වන ප්රමුඛ තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
ප්රධානි මහාතිස්ස.
ලෝකුරුකරු දින්නගේ එක් ශිලා පාසාදය.
ප්රධානි මහාතිස්ස සඳහා නගගමියහි දුතක විසින් කළ [මෙය].
ප්රමුඛ සමුද්දගේ සහ මලුගේ.
ප්රමුඛ අමරගේ ලෙණ.
.................... උපාසිකා සොණාගේ ලෙණ.
සංඝයාට දෙන ලද්දේ, බ්රාහ්මණ මොග්ගලිගේ පුත් වන ප්රමුඛ මජ්ඣිමගේ පුතත් වන දත්තගේ ලෙණ වෙයි.
ප්රමුඛ සිවගේ ලෙණ ..............
ප්රමුඛ දාරක-තිස්සගේ ලෙණ.
ප්රමුඛ චූළසුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
ගම් ප්රධානි මජ්ඣිමගේ පුත් වන ගම් ප්රධානි මිත්තගේ ලෙණ.
නාග තෙරුණ්ගේ ලෙණ.
උපාසක මහානාගගේ සහ උපාසක තිස්සගේ ද ලෙණ.
ගෘහපති මූලගේ පුත් වන උපාසක සොණගේ ලෙණ.
බම නගරය භුක්තිවිඳින්නා වූ ප්රමුඛ රොහණගේ ලෙණ.