සෙල්ලිපිය #925

නුවරකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

925 [13] (1) මුකලු-ගමික-ශුමන-පුත ඉදබුතිය ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

              (2) දනු-අචිරියහ

මකලුහි ගම් ප්‍රධානි සුමනගේ පුත් වන ඉන්දභූතිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. දුනු ඇදීමේ ආචාර්ය. 

4.

මෙය දෙවන ශිලා ලේඛනයක ආරම්භය විය හැක, එසේ නොමැතිනම් දනු-අචරිය  යන්න ඉදබුති යන්නට අදාල විය හැක.