සෙල්ලිපිය #853

දඹුල්ල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

853 [19] (1) ගමික-වහබ-ඣිතය පරුමක-පුශදෙව-ඣය[ය] ලෙණෙ

              (2) උපශික-ශිවය ලෙණෙ 

ගම් ප්‍රධානි වහබගේ දියණිය වන ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාවගේ ලෙණ. උපාසිකා සිවාගේ ලෙණ. 

3.

මෙම පාඨයෙහි ද පළමුව ඇති ලෙණෙ යන්න අතිරේක පදයක් ලෙස ගත හැක. මෙහි දක්වා ඇති ආකාරයට ප්‍රමුඛ ඵුස්සදේවගේ භාර්යාවට වඩා වෙනස් වූ පුද්ගලයෙකු වශයෙන් සිවා පෙනී සිටිනු ලබයි. නමුත් මෙහි සංඝයාට පූජා කරන ලද එක් ලෙනක් පමණක් පැවතීම හේතුවෙන් බොහෝවිට එක දායකයෙකු පමණක් දක්වා ඇත.