සෙල්ලිපිය #830

දෙමැද-ඔය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

830 මචුඩි-රඣශමණිකරශෙ ශිල-ඉටක කටය අගතශෙ (මචු) ගතශෙ

මෙහි පැමිණි මහාචූඩික රජුගේ මැණික්කරුවන් ශිලා පුවරු හේතුවෙන් මරණයට පත්විය. 

1.

වෛතාලිය විරිතෙන් ඇති පද්‍යයක ප්‍රථම භාගය මෙම සෙල්ලිපිය තුළ අන්තර්ගත වෙයි. මචු වෙනුවට පච යන කියවීම ද යොදාගත හැක. එය එසේ ගතහොත් '(ඔවුන්) මරණයට පත්වීම'  යන්න වෙනුවට 'ආපසු පැමිණියා' යන්න යොදා පරිවර්තනය නැවත සංශෝධනය කළ යුතු වෙයි.