සෙල්ලිපිය #46

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[ගමණි]-උති-[දෙ]ව[න]පි[ය]-මහරඣහ ඣ[ය] ශුමන-දෙවිය ලෙණ‌ෙ අගත-අනගත චතු-දිශ-ශගශ

දෙවියන්ට ප්‍රිය වූ මහරජගාමණී උත්තියගේ භාර්යාව වන සුමනාදේවියගේ ලෙණ සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත [දෙන ලදී]