සෙල්ලිපිය #813
813 [ම]චුඩික-රඣශ පුතෙ රඣ-අබයෙ ශඣ-අබයශ පුතෙ රඣ-නග රඣ-නගශ පුතෙ රඣ-අබයෙ රඣ-අබයශ පුත-ගමණි-තිශෙන කරපිතෙ මහශුදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ පදිටිතෙ
මහාචූඩික රජුගේ පුත් අභය රජු වෙයි; අභය රජුගේ පුත් නාග රජු වෙයි; නාග රජුගේ පුත් අභය රජු වෙයි. [එම] අභය රජුගේ පුත් වන ගාමණී-තිස්ස විසින් කරවන ලද මහාසුදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පිහිටුවී.
1.
රඣ ලෙස කියවන්න