සෙල්ලිපිය #807

වේගිරි-දේවාලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

807 (1) බත-ශුමනශ තිශහ උපශික [ශුම]නය උපශික-තිශලය උප[ශක] ........... [කු]මරශ ගපති-දුතකශ කුබකර-ශොණහ දටික-ශුමනශ 

       (2) මණිකර-දතෙ පටිකෙ මණි-කර-චුඩෙ ශපතිකෙ 

ප්‍රධානි සුමනගේ, තිස්සගේ, උපාසිකා සුමනාගේ,උපාසිකා තිස්සාලාගේ, උපාසක ............  කුමාරගේ, ගෘහපති දුතකගේ, කුඹල්කරු සොණගේ, දළවඩු සුමනගේ ලෙණ. මැණික්කරු දත්ත හවුල්කරුවෙකි. මැණික්කරු චුඩ හවුලේ භුක්ති විදින්නෙකි.