සෙල්ලිපිය #792

යටහළෙන-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

792 [1] උපලි-ගමශි ප[ටකෙ] ක[චර-ග]මශි ප(ටකෙ) දෙවනපියශ බතික රඣ-දුශතරශ පුත අය-ශිවශ-පුත අය-දුශතර-පුතශ ගමණි ශිවෙන කරිත මහශුදශනෙ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ දිනෙ  

උපලි-ගමෙහි කොටසක් සහ ක[චර-ග]ම කොටසක් (ලෙණ වෙත ප්‍රදානය කරන ලදී). දේවානම්පියගේ සහෝදරයා වන රජ දුශතරගේ පුත් වන සිව කුමරුගේ පුත් වූ දුශතර කුමරුගේ පුත් වන ගාමණී සිව කරවන ලද මහාසුදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. 

2.

ප්‍රධාන ශිලා ලේඛනය මෙම වචනයෙන් ආරම්භ වී ඇත. ඉන් පෙර  එන සටහන් පසු කාලයකදී ලියා ඇත. 

3.

ගමණි හා ශිවෙන අතර ඇති ගඅක්ෂරය අතිරේක අක්ෂරයකි. මෙහි ඇති ඉඩෙහි කිසිවක් සටහන් නොකර මග හැර ගොස් ඇත 

4.

මෙම දේවානම්පිය සදහා, හැදින්වීම, පිටු lxiv බලන්න