සෙල්ලිපිය #786

ලෙණගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

786 (1) අය-දුහතර-පුත-අය-ශිව-පුත අය-දුහතරශ ලෙණෙ මනපදශනෙ නම අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

       (2) අනුඩිගමශි එකෙ පටකෙ බතශනගරශි එකෙ පටකෙ 

දුහතර කුමරුගේ පුත් වන සිව කුමරුගේ පුත් වූ දුහතර කුමරුගේ මනාපදස්සන නම් වූ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. [ලෙණ සඳහා ප්‍රදානය කරන ලද්දේ] :- අනුඩිගමින් එක් කොටසක්, බතස-නගරයෙන් එක් කොටසක්. 

1.

බෙල් විසින් දක්වන ලද බතශ යන අක්ෂරයන් තුන නවීන බිත්තියකින් වැසී ඇති නිසා පිටපතෙහි සටහන් වී නොමැත