සෙල්ලිපිය #768
768 [1] උප[ශො]ණ-අපි අය-කෙරහ පුත අය-මහශිවහ ලෙණෙ මනපදශනෙ චතු-දිශ-ශගශ දිනෙ
උපසොණවාපිහි කෙර කුමරුගේ පුත් වන මහාසිව කුමරුගේ මනාපදස්සන නම් ලෙණ සතරදෙස සංඝයාට දෙන ලදී.
1.
උ හා ප යන අක්ෂර දෙක එකිනෙක හා ස්පර්ශ වන සේ ලියා ඇත, එම නිසා එම අක්ෂර දෙක එකතු වීමෙන් ඝ යන්නෙහි ස්වරූපය ලබා දේ. මෙවැනි වර්ගයේ ස්ථාන නාම සෑදීම සදහා, හැදින්වීම, පිටු cxxv බලන්න