සෙල්ලිපිය #724

වැලඑල්ලුගොඩ-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

724 [1] (1) තිශමහරඣහ-ශෙනපිතිය අගිදතහ බරියය 

            (2) ශෙනපිති-පරුමක-පුශදෙවහ ඣිතය උපශික-නගය ලෙණෙ

            (3) ශගශ දිනෙ  

මහරජ තිස්සගේ සේනාපති අග්ගිදත්තගේ භාර්යාව වන සේනාපති ප්‍රමුඛ ඵුස්සදේවගේ දියණිය වූ උපාසිකා නාගාගේ ලෙණ සංඝයාට දෙන ලදී. 

1.

මෙම ශිලා ලේඛනයෙහි පේළි පහළ සිට ඉහළට සටහන් කර ඇත.