සෙල්ලිපිය #669

ගෝනගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

669 [9] පරුමක-අබයහ පුත පරුමක-හදනහ අගත-අනාගත-චතු-දිශ-[ශ]ගශ ලෙණෙ දිනෙ 

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ හදනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

3.

ලෙණෙ, දිනෙ යන වචන දෙක පැහැදිලිවම පසු කලකදී එකතු වී ඇත. ආරම්භයේදී,ඒවා තේරුම් යාමට ඉඩ හැර ඇත. අංක 23 හා 25 යන සංකේත පේළියෙහි මැද පහළින් දක්වා ඇත.