සෙල්ලිපිය #647

සිතුල්පව්ව : දෙකුන්දර-වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

647 [1] පරුමක-වෙලුශුමනශ පුත පරුමක-වෙලුශ පුත පරුමක-පුශදෙවශ ලෙණෙ දෙවනපියශ-රඣ-තිශශ අයකශ ලෙණෙ දෙව-[ඔ]හරණෙ ලෙණෙ ශගශ 

ප්‍රමුඛ වෙලුසුමනගේ පුත් වූ ප්‍රමුඛ වෙලුගේ පුත් වන ප්‍රමුඛ ඵුස්සදේවගේ ලෙණ. දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුගේ ආදායම් පාලකගේ ලෙණ- දෙවා-ඔහරණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].