සෙල්ලිපිය #621

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

621 [2] පිත-මහරඣ බඩකරික පරුමක-ශුමන-පුත පරුමක-චෙමශ ලෙණෙ රඣ-තිශහ රඣියශි නියතෙ අගත-අනගත-චතු-දිශ-ශගශ 

පිත මහරජුගේ භාණ්ඩාගාරික වන ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ චෙමගේ ලෙණ, තිස්ස රජුගේ රාජ්‍ය කාලයේ දී පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරන ලදී.