සෙල්ලිපිය #620

සිතුල්පව්ව : කොරවක්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

620 [1] දෙවනපිය-රඣ-අබයශ ශෙනපති පරුමක-මිතශ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිණෙ (සංකේත අංක 14) 

දෙවියන්ට ප්‍රිය වූ අභය රජුගේ සේනාපති ප්‍රමුඛ මිත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.