සෙල්ලිපිය #593

මණ්ඩගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

593 [18] අනුරද-තෙරහ ච තුලදර-පු[ත] ශුමනහ ච මනපදශනෙ

අනුරාධ තෙරුණ්ගේ ද රන්කරු සුමනගේ ද මනාපදස්සන නම් ලෙන. 

4.

තුලදර-පුත, එනම් වචනානුසාරයෙන් 'රන්කරුවකුගේ පුත්‍රයා' යන්න පැහැදිලිව ම රන්කරුවකු වශයෙන් ව්‍යාපාරය කරන අයෙකු හැඳින්විම සඳහා යොදා ඇත. කම්මාර-පුත්ත වැනි වාක්‍ය ඛණ්ඩ වලින් ද දැකිය හැකි මෙම යෙදුම යොදාගෙන ඇත්තේ පාලි භාෂාවේ බහුලව භාවිතා වන්නක් අනුගමනය කරමිනි.