සෙල්ලිපිය #9

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-[වෙ]ශමණ-පුත-බරණිය ලෙණ‌ෙ ද‌ෙවහ ච චතු-දිශ-ශගශ  

 

පරුමක වෙශමණගේ සහ දෙවගේ පුත් වූ බරණිගේ ලෙන සතරදිග සංඝයාට [දෙන ලදී] 

1.

පසුකාලයට අයත් අංක 1107 යන සෙල්ලිපියක මෙම සෙල්ලිපියෙහි වැඩි කොටසක් මත ලියා ඇත. 

2.

බරණි යනු සංස්කෘත භරණි යන්න වෙයි. පුරුෂයෙකු හැඳින්වීමට වචනය භාවිත කර තිබුණ ද ස්ත්‍රීත්වයක් හැඟවෙයි.   

3.

වෙශමණ = සංස්කෘත. වයිශ්‍රවන, පාලි. වෙස්සවණ, සිංහල.වෙසමුණි

4.

ප්‍රමුඛ වෙශමණගේ පුතකු ලෙස දෙව පෙන්වාදිය හැක.