සෙල්ලිපිය #332

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] පරුමක-[ප]ශුදෙවල-ඣිතය රොහනි-සමනීය ලෙණ‌ෙ ශගශ නියතෙ 

ප්‍රමුඛ [ප]ශුදෙවලගේ දියණිය වන රොහිණී මෙහෙණියගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී. 

2.

වම් අතට ඇති සිරස් ඉරි කැබැල්ල පමණක් පෙනෙන මෙම නමෙහි පළමු අක්ෂරය හෙ වන්නට හැක; මෙම හෙ අක්ෂරය පෙර වචනයෙහි සම්බන්ධ විභක්තියේ අවසානය විය හැක. මෙය පිළිගනී නම්, නම ශුදවෙල වේ.