සෙල්ලිපිය #329

එරුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] (1) පරුමක-හදකහ බැරිය උපශික-නගය ච පුතා උපශක-තිශහ ච උපශක දෙවහ ච 

     (2) ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ නියතෙ  

ප්‍රමුඛ හදකගේ භාර්යාව, උපාසිකා නාගා සහ ඔහුගේ පුතුන් වන උපාසක තිස්ස සහ උපාසක දෙවගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.