සෙල්ලිපිය #318

කන්දකාඩු : තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-මලශ පුතෙ පරුමක-නමරෙ පරුමක-නමරශ පුතෙ පරුමක-නගහ එතශ කොමි අගත-අනගත-චතු-දු[ශ] ශගශ නියතෙ (සංකේත අංක 28) 

ප්‍රමුඛ මලගේ පුත් ප්‍රමුඛ නමර වෙයි. ප්‍රමුඛ නමරගේ පුත් වන ප්‍රමුඛ නාග, ඔහුගේ මෙම දිය පොකුණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා වෙත පිළිගන්වන ලදී. 

5.

මෙම වචනයෙහි ම අක්ෂරය පෙලට පහලින් ලියා ඇත. 

6.

අවසන් අක්ෂරය වන තෙ පෙලට පහලින් ලියා ඇත.