සෙල්ලිපිය #309
[9] තොඩික බණගමික ශිව-පුත ගමික-ශොණහ ලෙණෙ අගත-අනගත-ශගශ දිනෙ
බණගමහි තොටියා වූ ගම් ප්‍රධානි සිවගේ පුත් වන ගම් ප්‍රධානි සොණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලදී].
3.
තොඩික, තොටු යන්නෙහි පෙර ආකාරය ලෙස ගෙන ඇත. ස්වර විද්‍යාත්මක අපහසුතා මෙහි ස්වරූපය අනුව තිබෙන්නට හැක. බොහෝදුරට තොඩික-බණ ලෙස යෙදීම සුදුසු වෙයි.