සෙල්ලිපිය #1

මින්විල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. දෙවනපිය-කුලහි මහචුඩිකහ පුතහ පුටකණ අබයස අඩි2 (සංකේතය)
  2. දෙගම

දේවානම්පිය පරපුරේ මහීචූලි නම් අයෙකුගේ පුත් කුටකණ්ණ අබයගේ දෙගම (නම් වූ) ඇළ.

2.

සිංහල. ඇළ, පාලි. ආළි, සංස්කෘත. ආල.

3.

දෙගම යන්නෙන් අදහස් කරන්නේ ‘ගම් දෙකක්’ යන්නයි. නමුත් වාර්තාව ප්‍රධානය කරන්නාගේ ස්වභාවය සදහන් නොවන බැවින් එවැනි අර්ථ නිරූපණයක් පිළිගත හැකි බවක් නොපෙනේ. එබැවින් මෙම වචනය ඇළෙහි නම ලෙස ගෙන ඇත. දගෙම යන්න සංස්කෘතයෙන් දේවග්‍රාම ලෙස දැක්විය හැකි ය.