No.57
1. සිමධ1 [|] වහබ-මහරජහ මරු-මනෙකෙ
2. උතර-මහරජහ පුතෙ උවරජ නකෙ දිනෙ
3. උලිබිකල අලි ච [මත]විය ච ආබවිය ච
4. ගවිඩවිය ච [උලි]බිකල-අක-ම[හ*]-විහරහි
5. බිකු-සගහට දිනි
යහපතක් වේවා! උත්තර රජුගේ පුත්‍ර සහ මහා වසභ රජුගේ මුනුබුරු වන උප රජ, උයිබිකල(ලෙස නම් කරන ලද) ඇළ ලබා දුන් අතර, මටවිය2, අබවිය3 සහ ගවිඩවිය4 (ඔහු) යන කුඹුරු ද උලිබිකල-නක නම් මහා ආරාමයේ භික්ෂූන් වහන්සේලාගේ පිරිස වෙත පුජා කරන ලදි.
1.
මෙම ස්ථාන නාමවල ඇති “විය” නම් “කුඹුරු යාය” දැක්වීමට ගනු ලැබේ, “වි” වලින් අවසන් වන විට වැව්වල නම් සඳහා භාවිතා කරයි.
2.
මෙම අබ නාමයෙන් පාලියෙන් අභය හෝ අම්බ වෙනුවෙන් පෙනී සිටිය හැකිය.
3.
ගවිය- පාලියෙන් කපිත්ත, හෙළයෙන් ගිවුලු, ‘දිවුල් ගස’.