No.139

කරඹන්කුලම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1.         ………… රක1 විහරහිය​

2.         ………….කච[එත​] හ​2 උවහරහ=අටය​

3.         ගොවක වෙසමණය පනස කහ​-

4.         වණ (දි)නි [1*] මෙ කහවණහි වඩි කොටය​

5.         [උව​] හර කරනකහි K 50

රක්ඛ විහාරයේ චෛත්‍යයට පූජාවන් කිරීමේ3 පරමාර්ථයෙන්, වෙසමණයා4 නම් වන ගෝපක5 විසින් කහපණ 50ක් පූජා කරන ලදී. එම කහාපණ පොළියක් වීමට සලස්වා පූජාවන් සඳහා අඛණ්ඩ ලෙස ලැබීමට සලස්වන ලදී.

1.

මුල් නමේ  අකුරක් හෝ වැඩි ගණනක් අඩු ව යන්නට ඇත. නමුත් රක (පී. රක්ඛා, සංස්කෘත රක්‍ය) නවවන සියවසේ විහාරයක නමක් වන අතර මෙම සෙල්ලිපිය පිහිටු වන අවස්ථාවේ ද විහාරයේ  නම එම ස්වරූපයෙන් තිබෙන්නට ඇත. බෙල් මෙන් ම නිකලස් විසින් නක ලෙස නම ලබා දී ඇති නමුත් අක්ෂි පිටපතෙහි රා යන්න පැහැදිලිය.

 

2.

ඇතැම් විට මහ-චෙතහ ලෙස සම්පූර්ණ විය යුතුය.

3.

උවහරටය:  උවහර යන වචනය වෙනත් කිසිදු වාර්තාවක දක්නට නොලැබේ: අකාරාදිය බලන්න.

4.

පාලී:වෙසවන,සංස්කෘත: වෛස්‍රවණ. ගෝපක යනු පුරාණ ඉන්දියාවේ කාර්යාලයක් වන අතර එය “භාරකරු” හෝ “දිස්ත්‍රික්කයක අධිකාරී” ලෙස අර්ථකථනය කර ඇත.

5.

කෞටීල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ගෝප යනු නාගරික නිලධාරියෙකුගේ තනතුරකි. ශමසාස්ත්‍රිගේ පරිවර්තනය පිටුව175 බලන්න.