No.108-B
1. සිද්ධම් [1*] ගගවි (අ)ම්(එත)-(සි)යර-ග(ගහ)1 පු (ත අ)මෙත2 මිතයහ ජිත ආනුළබි3
2. තුමහ කුල-සතක4 (කලක) වය5 -වවි මතර-මජි-බක පති6 ගග-පවත
3. විහරහි7 බුකු-සගහට දිනි[1*] මේ-වවි දින8 පුවය9 සි[රි]නක-මහරජහ
4. පුත රජ මේකවණ-අභය කත ලගිත10 දො-අවනක11 වසහි
5. වප-චද12 පුණමසිය තෙදස13 -පක දි[ව]ස14 දිනි
අනුවාදය:15
යහපතක් වේවා! මිතය16 ඇමතිගේ දියණිය වන අනුළා17 දේවිය [සි]යරගගේ18 පුත්‍ර, ගංඟ-පබ්බත ආරාමයේ භික්ෂූන් හට, ඇයගේ පවුලට19 අයත් දේපලක් වන (කලක) වැවේ ඇළ මාර්ගවල20 සිටින මසුන්ගෙන් ලැබෙන ආදායම පූජා කරන ලදී. මහා සිරිනාග රජුගේ පුත්‍ර මේඝවණ්ණ අභය රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේ, වප21 මස පුර පක්ෂයේ චන්ද්‍ර22 දෙසතියෙහි23 දහතුන්වන දින24 මෙම වැව පූජා25 කරන ලදී.
1.
Bt ........ යහා .....; ය, ර සහ ග අක්ෂර මෙම වාර්තාවේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා වන අතර රේඛාවේ මට්ටමට වඩා තරමක් ඉහළින් ලියා ඇත. පර්වතයේ ඇති අඩුපාඩුවක් වළක්වා ගැනීම සඳහා මෙහි රේඛාව ඉහළට ඔසවා තිබෙන්නට ඇත.
2.
Bt. මහ
3.
bt. අනුලා බිසෝවය.
4.
Bt. කළ සතක.
5.
Bt. තලවය
6.
Bt. මලිමජි බකපති.
7.
Bt. වහෙරහි.
8.
Bt. දින
9.
Bt. [පුවය].
10.
Bt. ලිගිට
11.
න අක්ෂරය රේඛාවට පහළින් ලියා ඇත.
12.
Bt.. මෙද
13.
Bt. තිදස
14.
Bt. දිනය
15.
බෙල්ගේ පරිවර්තනය මෙසේය:
ස්වස්ති! දානය දීමේ උතුම්මයා වූ මලිමජි විසින් ගඟපවත විහාරයේ රැස් වූ භික්ෂුන් සඳහා අනුලා රැජින විසින් ඉදි කරන ලද ස(ට)කට(ල)වය වැව .................... ගේ දියණිය ................ මට මිත්තගේ .......................... ගඟවී. වප් මස මැද පුර පස දෙවන සතියේ දාහතව වන දින සිරිනාග රජුගේ වැඩිමහල් පුතු වූ මේඝවර්ණ රජුගේ රාජ්‍යයත්වයෙන් දෙවන වසරේ දී මෙම වැව පූජා කරන ලදී.
16.
පාලියෙන් මිට්ටක.
17.
අනුලබි: අනුලා සමඟ සංයුක්ත වන එය සස්කෘත අම්බික සමඟ සමාන වේ.
18.
මෙම සියර නමෙන් A හි ඇති සියරයි සමඟ සැසඳිය හැකිය. ගග යනු ගාගා යන වංශයේ නමයි.
19.
තුමහ කුල සතක: ඇය මෙම දේපල ලබා දී ඇති පරිදි, ඇය පවුලේ දේපළෙහි හිමිකරු වන්නට ඇත.
20.
මතර-මජි-බක පටි: අංක 45 හි සාකච්ඡාව බලන්න.
21.
පූන-මසියා: මෙය බැලූ බැල්මට සංස්කෘතයෙන් පූර්ණ්ණ මාසියට සමාන බව පෙනේ. එයින් හඳ පිරී ඇති දිනයක්, එනම් පහළොස්වන තිතියයි නමුත් පුණ් මසිය සංයෝගය භාවිතා කර ඇත. 1 සඳ පිරෙන දෙසතිය යොදමින් එබැවින් පූන යන වචනය සංස්කෘත පූර්ණ වීම සමඟ සමාන කළ යුතුය සමස්ත ප්‍රකාශනයේ අර්ථය වන්නේ චන්ද්‍රයා පූර්ණ වීමට ආසන්නව පවතින දෙසතියයි.
22.
සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා.
23.
පක-දිවස: අකාරාදිය බලන්න.
24.
වාක්‍යයේ අවසානයේ දී දිනි යන්න මෙම වාර්තාවේ අතිරික්තව භාවිතා කර ඇත.
25.
පුවය: සංස්කෘත පූර්විය