161(A)

රජගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිද්ධම් [1*] දිග-අව අසනහි වඩ-ම[නය]හ වසන කබකදර-නකයහ පුත අස-අරුක නකයහ
  2. ග්[ඉ]රිකබල අවි තිසමහවිහරහි එක-සතක කහවණ අරියවස වටට වෙඩන දිනි[1*]මෙ
  3. කහවණහ වෙඩ ගෙණ මෙ විහරහි අරිනක කොටු දිනි

යහපතක් වේවා ! දීඝවාපිය අසල වඩ්ඪමානකහි වාසය කරන කබකදර නකගේ පුත් අස්වාරෝහක1 නාග විසින් කහපන සියයකින් ලැබෙන පොලිය4 අරියවාස උත්සවය3 පවත්වාගෙන යාම  සදහා ගිරිකුම්බල ලෙස හැදින්වෙන2 තිස්ස විහාරයට ප්‍රදානය කරන ලදී. මෙම කහපන වලින් ලැබුන පොලිය මෙම විහාරස්ථානයේ අරියවාස උත්සවය පැවැත්වීමට පරිත්‍යාග කරන ලදී.

1.

අස-අරුක : සංස්. අශ්වාරෝහක. එය පැරණි සිංහල සංයෝගයෙන් සන්ධි කර ඇති බව සැලකිය යුතු ය.

2.

අව = සංස්. ආහ්වන, පද මාලාව බලන්න.

3.

මෙම පදය පිළිබඳ සාකච්ඡාව බලන්න. ඉහත පිටු.148 .

4.

වෙඩනි.