153(K)

රස්නකෑව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි [1*] පෙකර-වසක වසිය සග-ලහ පු-
  2. ත සුමනය දුදකහි වසිය සරසවතත
  3. පිති-කොටසහි දිනි කොටසක
  4. .................................

යහපතක් වේවා ! පෙකර වසක1 පදිංචි සගලගේ පුත් සුමන ............... සරසවතගේ පියාට අයත් කොටස්වලින් කොටස් තුනක්, දුදක පදිංචි ................

වාර්තාවන තවත් එක් පේළියකි. එය සාර්තකව කියවීම කළ නොහැකි ය.

1.

පෙකර වසක හා සගල යන නාමයන් සදහා, පද මාලාව බලන්න.