සෙල්ලිපිය #150

දුනුමන්ඩලාකන්ද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි.............. 1 (දින) ප්[උ]ඩ-ලජක-වවි බිකු-සගහ
  2. තිසවිය-කෙතහි බොජිහ-බක අ[ඩ] -කරි[හි]
  3. බොජන හලට කුබර  දින කරිහක න(දි) ගමක-
  4. කෙතහි සග-කුබර අඩ-කරිහක
  5. කුලතරවිය-කෙතහි  තිනකටවිය බුකසගහට(ය)
  6. කුබර දින කරිහක පනහගම-කෙතහි
  7. චිරිචි-අබය බුකසගහට කුබර දිනි සට-මසක

යහපතක් වේවා ! ....................... රජගල2 (නම් වූ) වැව භික්ෂූන් වහන්සේලා සදහා පූජා කරන ලදී. (බොජියපති නම්)3 ප්‍රධානියා ලබා දිය යුතු කොටස වන තිස්ස වැව5 කුඹුරු කොටසෙහි කරිස බාගය  දානශාලාවට6 (ඔහු දෙන ලදී). තිණකට්ට වැවේ8, තුලාධාරවාපි7 කුඹුරු කේෂ්ත්‍රයෙන් ද කරිසක් පූජා කරන ලදී. පනහ ග්‍රාමයේ9 කුඹුරු කොටසින් ද කරිසක් භික්ෂූන් වහන්සේලා සදහා පූජා කරන ලදී. චිරන්ජිවි අභය10 විසින් කෙත්වලින් මාසක11 හතක් ද භික්ෂූන් උදෙසා පූජා කරන ලදී.

1.

2 පේළිය මට්ටමේ ලියා ඇත, නමුත් වමට තරමක් දුරින්.

2.

මෙම නම රජගල සෙල්ලිපියක ඇත, CBIC, වෙළුම I, අංක 461 බලන්න

3.

මෙය බොජිය-පති හි ප්‍රභේදයකි.

4.

කෙත=පාලි. ඛෙත්ත, සංස්. ක්සේත්‍ර

5.

තිස්සවාපි. මෙය බොහෝ විට අනුරාධපුරයේ එම නමින් ප්‍රසිද්ධ වැවක් නොවීය.

6.

බොජනහල

7.

පාලිවෙන් තුලාදාරවාපි.

8.

පාලි.තිණකට්ඨතවාපි.

9.

පනසගාම.

10.

සංස්. චිරංජිවි, මෙම නම අංක 847,CBIC ,වෙළුම I, හි චිරෙච සමඟ සැසඳිය හැකිය.

11.

මසක සංස්. මාශක, පාලි. මාශක යන්නෙන් දැක්වෙන්නේ කරසහි උප බෙදීමක් වේ. කරසකට මාසක විස්සක් වේ.