සෙල්ලිපිය #1206

කදුරුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1206 [5] (1) සිද [|] මහ-විහර-ව[සික]

              (2) [දි]තිම-අපය-තෙරන ලෙණෙ

              (3) අගත-අනගත-චතු-දිසික-සගස

              (4) නියතෙ 

යහපතක් වේවා ! මහාවිහාරවාසී [දි]තිම අපය තෙරුණ්ගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.  

1.

අපය යන පදය අභය සමඟ සමාන කර ඇත. දිතිම යන්නෙහි සුවිශේෂිත්වය නිශ්චිත නොවෙයි. එය පාලි ධිතිමා යන්නට සමාන කළ හැක. (සංස්කෘත.ධ්‍රිතිමාන්) ‘ධෛර්ය සම්පන්න’