සෙල්ලිපිය #1179

දෙමටගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1179 (1) සි [|] අමතය බ-

         (2) -රයහ උපසක

         (3) නකයහ මතය ලචි-

         (4) -ය ලෙණෙ චතුදිසික සග-

         (5) හටයෙ නියතෙ 

යහපතක් වේවා ! අමාත්‍ය බරයගේ සහ උපාසක නකයගේ මෑණියන් වන ලචිගේ ලෙණ සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.  

4.

සංස්කෘත භාෂාවෙන් ලක්ෂ්මි, ප්‍රාකෘත භාෂාවෙහි ලච්ඡි.

5.

පාලි සහ සංස්කෘතයෙන් මේ සඳහා සමාන පදයක් නිශ්චිතව දැක්විය නොහැක. ඇතැම්විට එය සංස්කෘත භරත සඳහා භාවිත වනවා ඇත.