සෙල්ලිපිය #1159

හිට්ටාරගම-හින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1159 [2] (1) දමගුත-තෙරහ සව-නතිකන ලෙණෙ ජෙට-බතිකෙ ලෙණහි ජෙටෙ අගත-අනගත-චතු-දිස-සගස නියත මහ-ලෙණෙ 

දම්මගුත්ත තෙරුණ්ගේ සියලු ඥාතීන්ගේ ලෙණ. (තෙරුණ්ගේ) වැඩිමහල් සහෝදරයා ලෙණෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වෙයි. මහලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].  

4.

ලෙණහි ජෙටෙ - වචනානුසාරයෙන්, ‘ලෙනෙහි නියෝජිතයා. ලෙනෙහි නියෝජිතයා, එය පිහිටවූ දායකයන්ගෙන් පළමුවැන්නා හා එය නඩත්තු කිරීමට දායක වන්නා විය හැක.